බූස්සේ රැඳවියාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

බූස්සේ රැඳවියාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්

April 6, 2025   07:26 pm

බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශණයක් ආරම්භ කර තිබේ.

පසුගිය 04 වනදා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු ඇනුම් තුවාල සහිතව මිය යාමට අදාළව පොලිස් විමර්ශන සහ බන්ධනාගාරයේ අභ්‍යන්තර විමර්ශන සිදු කෙරෙමින් පවතියි.

එමෙන්ම මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදු නොවිමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇත.

සියලුම විමර්ශන කඩිනමින් අවසන් කොට අදාළ කමිටුවට වාර්තා කරන ලෙස අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා දැනටමත් නිලධාරින්ට උපදෙස් ලබා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.