22වන වරටත් ක්ලිෆඩ් කුසලානය මහනුවරට
April 6, 2025 06:43 pm
ක්ලිෆඩ් කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය අද (6) සමත් විය.
මහනුවර, නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගයේදී ඔවුන් විසින් CR & FC කණ්ඩායම ලකුණු 41 - 33ක් ලෙස පරාජය කිරීමට සමත් විය.
මහනුවර කණ්ඩායම ක්ලිෆඩ් කුසලානය දිනාගත් 22වන අවස්ථාව මෙය වේ.