බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක්

April 4, 2025   12:09 pm

බෝතල්කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව,

මි.ලී. 500   - රු. 70

ලීටර 1      -  රු. 100

ලීටර 1.5   - රු. 130

ලීටර 2     - රු. 160

ලීටර 5    - රු. 350

ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

ඒ අනුව අප්‍රේල් මස 01වනදා සිට කිසිම නිෂ්පාදකයෙකු, අසුරන්නෙකු, වෙළෙන්දෙකු හෝ බෙදාහරින්නෙකු විසින් මෙරට බෝතල්කළ පානීය ජලය උපරිම සිල්ලර මිලට වැඩියෙන් වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව එම නිවේදනයේ දැක්වේ.