ජාතික ශූරයෙකුට දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල මඟ හැරෙයි ද?
April 10, 2025 03:05 pm
පිරිමි මීටර 800 ඉසව්ව නියෝජනය කරන මලල ක්‍රීඩක හර්ෂ කරුණාරත්න මැයි මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර නැතැයි ඔහුගේ පුහුණුකරු චෝදනා නගයි.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට ද ලිපියක් යොමුකළ බවයි.
2023 සහ 2024 වසරවල පිරිමි මිටර 800 ඉසව්වේ ජාතික ශූරයා වූයේ හර්ෂ කරුණාරත්නයි.
එළඹෙන මැයි මාසයේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ ශ්‍රී ලංකා සංචිතයට හර්ෂගේ නම ඇතුළත් කර නැත.
ක්‍රීඩා බළධාරීන් පවසන්නේ, හර්ෂ කරුණාරත්න අදාළ සංචිතයට ඇතුළත් නොකරනු ලැබුවේ දකුනු ආසියානු මලල ක්‍රීඩා උලෙළ වෙනුවෙන් පැවති තේරීම් තරගයේදී දෙවැනි ස්ථානයට පත්වීම හේතුවෙන් බවය.
හර්ෂ වෛරස් උණ රෝගය වැළඳී ඉන් සුවය ලබා සතියකට පසු තේරිම් තරගයට සහභාගීවීම හේතුවෙන් ඔහුගේ දක්ෂතා අඩුවු බව ඔහුගේ පුහුණුකරු පවසයි.
පුහුණුකරු පෙන්වා දෙන්නේ, පසුගිය වසර දෙක තුළ දැක්වූ දක්ෂතා සළකා බලා හර්ෂට දකුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළට සහභාගීවීමට අවස්ථාව ලබාදිය යුතු බවය.
මෙම ක්‍රීඩකයාට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා, නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ලිපි මගින් දැනුවත් කර තිබේ.
හර්ෂ කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්වේ ආසියානු ශූරියවන තරුෂි කරුණාරත්නගේ වැඩිමහල් සොහොයුරායි.