සයුරෙන් එතෙර
ටොංගා රාජ්‍ය ආසන්නයේ තවත් පසුකම්පන 3ක්
March 30, 2025 10:51 pm
පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ අද (30) තවත් පසුකම්පන 3ක් සිදුව ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ (USGS) එම පසුකම්පන රික්ටර් මාපක 6.1ක්, 4.9ක් සහ 5.8ක් වශයෙන් වාර්තා වී ඇති බවයි.
එම පසුකම්පන ඇතිවීමට පැය කිහිපකට පෙර රික්ටර් මාපකයේ 7.oක ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.
එහි ප්‍රභලත්වය කිලෝමීටර් 29ක් ගැඹුරින් සිදු වී ඇති බව සඳහන් වේ.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භයානක සුනාමි රළ, භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකිය.
දූපත් 171කින් සමන්විත ටොංගා හි ජනගහනය 100,000ට තරමක් වැඩි අතර, බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු නම් ප්‍රධාන දූපතේය.