සයුරෙන් එතෙර
ටොංගා රාජ්‍ය ආසන්නයේ ප්‍රබල භූකම්පනයක්
March 30, 2025 08:10 pm
පැසිෆික් දූපත් සමුහයක් වන ටොංගා රාජ්‍ය ආසන්නයේ ඇති වූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
අද (30) ඇති වූ එම ප්‍රභල භූකම්පන රික්ටර් මාපකය 7.0 ක අගයක් සඳහන් වූ බව වාර්තා වේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර ඇත්තේ මෙම භූ කම්පනය කිලෝමීටර් 29 ක් ගැඹුරින් සිදු වී ඇති බවය.
පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, භයානක සුනාමි රළ භූකම්පනයේ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් පමණ වෙරළබඩ ප්‍රදේශවලට බලපෑ හැකි බව සඳහන් වේ.
දූපත් 171 කින් සමන්විත ටොංගා හි ජනගහනය 100,000 කට වඩා වැඩි වන අතර බොහෝ ජනතාව ජීවත් වන්නේ ටොංගාටාපු ප්‍රධාන දූපතේ ය.