කුඹුරේ වගා කරන අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය
March 29, 2025 04:09 pm
වී ගොවිතැනට පමණක් නොව මෙවර යල කන්නයේදී කුඹුරේ වගා කරන අනෙකුත් භෝග සඳහාද පොහොර සහනාධාරය ලබා දීමට තීරණය කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගය විසින් පළාත් පාලන ඡන්දය වෙනුවෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"අපි දැන් සති තුනකට කලින් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත්තා මෙතෙක් පොහොර සහනාධාර ලබා දුන්නේ වී ගොවිතැනට විතරයි. හැබැයි කුඹුරේ වගා කරන අතිරේක බෝග සඳහාද අපි පොහොර සහනාධාර ලබා දෙනවා... අපි පොරොන්දු වුණා ඇප නැතිව ණය මුදලක් ගන්න පුළුවන් ක්‍රමයක් හදනවා කියලා අපි ඒක දැන් හදලා තියෙනවා. තරුණ ව්‍යවසායකයෙකුට තමන්ගේ ව්‍යවසායකය පෙන්වලා කර්මාන්ත අමාත්‍යංශය එක්ක එකාබද්ධ වෙලා ඒකේ සහතිකයත් ඇති ඔබට ඇපයක් අවශ්‍ය වෙන්නේ නෑ ණය මුදලක් ගන්න පුළුවන් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න."