කම්කරු අමාත්‍යංශය ඩිජිටල් කිරීමට අවධානය
March 28, 2025 08:26 pm
කම්කරු අමාත්‍යංශය ඩිජිටල්කරණයට ලක් කරමින් එහි සේවා කඩිනමින් සහ ඵලදායීව ජනාතවට ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පවත්වා තිබේ.
ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
එහිදී කම්කරු අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන ආයතනයක් වන කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා කඩිනමින් සහ ඵලදායී කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා වී ඇති අතර ඒ සඳහා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ආදේශ කරගන්නා ආකාරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.
ඒ අනුව සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට කඩිනමින් අදාළ සේවා අවම කාලයකින් සැපයීමත් මාර්ගගතව සහ ඩිජිටල්කරණය මගින් ලබා දිය හැකි සේවා කාර්යක්ෂමව ලබා දීමටත් මෙහිදී අවධනය යොමු කෙරුණි.
එහිදී කම්කරු දෙපාර්තමේන්තුව, මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල ආදී ආයතනවලින් කම්කරු ජනතාවට සේවා සැපයීමේදී ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී මතු කෙරිණි.
මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ හරහා කම්කරු ජනතාවට සිය ප්රතිලාභ ලබා ගැනීමේදී සහ සෙසු සේවා ලබා ගැනීමේදී කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමත්, වඩා තෘප්තිමත් රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවත් මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණි.
මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, ඩිජිටල් අමාත්‍යංශයේ නිලධාරීන්, මහ බැංකු නිලධාරීන් මෙන්ම මොරටු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.