සත්ව සංගණනයේ ප්‍රතිඵල අද නිකුත් කරයි

සත්ව සංගණනයේ ප්‍රතිඵල අද නිකුත් කරයි

March 28, 2025   09:21 am

වගා හානි සිදුකරන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයේ වාර්තාව අද (28) එළිදැක්වීමට නියමිතව තිබේ.

වගා හානි සිදුකරන එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම සංගණන වාර්තාව නිකුත් කිරීමෙන් පසු සිදුකිරීමට සැලසුම් කර ඇත.

රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනන් යන වගා හානිවලට ඍජුව සම්බන්ධ වනසතුන් සංගණනය කිරීම පසුගිය 15 වනදා සිදුකෙරුණි. 

ඊට ප්‍රදේශ රැසක ජනතාව දායකත්වය ලබාදුන් අතර, එම සංගණනයේ වාර්තාව අද මෙලෙස එළිදැක්වීමට නියමිතය.