සමාජ මාධ්‍ය කැලඹූ පොලීසියේ වීඩියෝව ගැන ඇත්ත හෙළිවෙයි
March 28, 2025 08:50 am
පොලිස් නිලධාරියෙක් නිවසක ඇතුළුවී එහි කාමරයක දොරකට පයින් පහරදී එය විවෘත කරගැනීමට අදාළ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ මෙම සිදුවීම නෙල්ලිඅඩි පොලිස් වසමේ ඇතිවූ සිදුවීමක් බවය.
එහි සඳහන් පරිදි 2025.03.24 වන දින නෙල්ලිඅඩි පොලිස් වසමේ වෙම්බඩි ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යමින් කුඩා එළ ගව පැටියෙකු මරා මස් කිරීමක් සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබූ බවය.
එම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගිය අවස්ථාවේ සැකකරු නිවසේ කාමරයක් තුළට දිව ගොස් කාමරයේ දොර වසා දොර අඟුල් දමා ගෙන ඇත.
සැකකරු කාමරය තුළ රැඳීසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කාමරයේ අඟුල් දමා තිබූ දොර විවෘත කිරීමට නිලධාරියෙකු විසින් දොරට පා පහරවල් කිහිපයක් එල්ල කර දොර විවෘත කර ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසයි.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පහතින්,
Media on 2025.03.28 පැය 0815 සමාජ මාධ්_ය ජාලා වල සංසරණය වන වීඩියෝ පටයක් by poornima on Scribd