ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල
March 27, 2025 12:00 pm
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාලව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන්වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්ය.
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැයකළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වන අතර වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
මීට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය මඟින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පුනාකරි, මන්නාරම සහ දෙහිඅත්තකන්ඩිය යන ප්‍රාදේශීය සභා සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී තිබේ.
අද මධ්‍යහන 12.00ට එම කටයුතු අවසන් වු බව මැතිවරණ කොමිසම පැවසුවේය.
නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව අදාළ පළාත් පාලන අයාතන තුනෙහි මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.