පොඩි ලැසී වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙක් ඉන්දියාවට

පොඩි ලැසී වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙක් ඉන්දියාවට

March 18, 2025   04:36 pm

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනා මත දැනට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් "පොඩි ලැසී" ට නීති උපදෙස් සහ ඇප ලබාගැනීමට නීතිඥවරුන් දෙදෙනෙක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

පේෂල කංගොඩආරච්චි සහ නවීන් ජයමාන්න යන නීතිඥවරුන් දෙදෙනා අද (18) පස්වරුවේ ඉන්දියාවේ මුම්බායි නුවර බලා කටුනායක ගුවන්තොටුපොළින් පිටත්ව ගොස් ඇත.

මෙම නඩුව එළඹෙන 21 වනදා ඉන්දියාවේ මුම්බායි නුවර තානේ ( Thane )අධිකරණයේ දී විභාග වීමට නියමිතය.