ඉන්දියාවේ ඉලක්කයට නවසීලන්තයෙන් සහාය
සයුරෙන් එතෙර

ඉන්දියාවේ ඉලක්කයට නවසීලන්තයෙන් සහාය

March 18, 2025   03:38 pm

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වීම සඳහා ඉන්දියාවට සහාය දක්වන බව නවසීලන්තය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අදහස් පළවී ඇත්තේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව බවය.

එම සංචාරයේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා එක්වී ඇත.

එමෙන්ම කලාපය තුළ චීනයේ වැඩිවන බලපෑම් මධ්‍යයේ ඇතිවූ ප්‍රකාශයන් නිවැරදි කළ නොහැකි බවද ඔහු පවසා තිබේ.