ඉම්තියාස් බාකීර් මාකර් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
March 18, 2025 01:30 pm
ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ.
ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකයා වෙත හා මහලේකම්වරයා වෙත යොමු කර ඇතැයි ද වාර්තා වේ.