වෙලේ සුදාගේ සහෝදරයාගෙන් පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්
March 15, 2025 08:56 pm
මත්ද්‍රව්‍ය්‍ය වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු සැකකරුගෙන් එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ගල්කිස්ස පොලිස් ස්ථානයට අයත් නිලධාරියෙකි.
එම නිලධාරියා බඩේවිට පොලිස් මුරපොලේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර එම මුරපොලේ ස්ථානාධිපතිවරයා සමග බඩේවිට 3වන අදියරේ අද (15) පස්වරුවේ වැටලීමකට ගොස් තිබේ.
එහිදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොර බැදීමේදි සැකකරු සතුව තිබු තියුණු ආයුධයකින් නිලධාරියාගේ උදරය හා වැලමිට ප්‍රදේශයට පහර දී තිබේ.
සිද්ධියෙන් පසු සැකකරු පලාගොස් ඇති අතර සුළු තුවාල ලැබූ නිලධාරියා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට සිරඳඬුවම් විඳින සමන්ත කුමාර නොහොත් වෙළේ සුදාගේ සහෝදරයෙකු බවටද අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි.