පූකුඩු කන්නාගේ සහෝදරයෙක් අත්අඩංගුවට
March 13, 2025 01:02 pm
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් "පූකුඩු කන්නා" නැමැත්තාගේ සහෝදරයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (13) අලුයම ඉන්දියාවේ සිට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
බාලචන්ද්‍රන් ගජේන්ද්‍රන් නමැති 36 හැවිරිදි සැකකරු කොළඹ 10 ජම්පටාවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේය.
සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.