මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු රට පනින්න යද්දී කොටුවෙයි
March 12, 2025 10:27 pm
මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙකු ඩුබායි බලා යාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද (12) රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
23 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ශාඛාවේ නිලධාරීන් විසිනි.