ගෑස් මිලේ වෙනසක් ගැන අනාවැකියක්

ගෑස් මිලේ වෙනසක් ගැන අනාවැකියක්

March 11, 2025   04:01 pm

ඉදිරි වසර කිහිපයේ ලෝක වෙළෙඳපොලහි එල්.පී ගෑස් මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ලෝක එල්.පී ගෑස් සම්මේලනය පවසයි.

එහි අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල බෝහෝ විට මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600, 700 සහ 800 අතර අගයක පවතිනු ඇති බවය.

කෙසේවෙතත් එය යළි ඩොලර් දහසේ සීමාවට නොයනු ඇති බව ඩේවිඩ් ටයිලර් මහතා පෙන්වා දෙයි.

ලාෆ් ගෑස් ආයතනයේ නිලධාරීන් සමග පැවති හමුවකදී ලෝක එල්.පී ගෑස් සම්මේලනයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ටයිලර් මහතා මේ බව කර තිබේ.

මෙරට එල්.පී ගෑස් මිල තීරණය කරනු ලබන්නේ සෞදි 'ඇරම්කො' මිල දර්ශකය වන අතර අද වන විට එම දර්ශකයේ මිල ඩොලර් 650ත් ඩොලර් 700අතර දෝලනය වන බව ද ඔහු සඳහන් කළේය.