රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටනේ දෙවන දිනය අද

රාජකීය - ශාන්ත තෝමස් නිල් මහ සටනේ දෙවන දිනය අද

March 7, 2025   11:41 am

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර 146වන වරට පැවැත්වෙන 'නිල් මහ සටන' මහා ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශා. තෝමස් විදුහල මීට සුළු වෙලාවකට පෙර පන්දුවාර 34ක් අවසනදී කඩුලු 2ක් දැවී ලකුණු 96ක් රැස්කරගෙන සිටියේය.

කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය ලෙස සැලකෙයි.

ඊයේ (7) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගල්කිස්ස ශාන්ත තෝමස් නායකයා පළමුව පන්දුවට පහරදීමට කොළඹ රාජකීය විද්‍යාලයට ආරාධනා කළේය.

ඒ අනුව ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 319ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීය.

එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෙහාන් පීරිස් ලකුණු 158ක් රැස් කළ අතර, රාජකීය ක්‍රීඩකයෙකු මෙලෙස නිල් මහ සටන මහා ක්‍රිකට් තරගයකදී ලකුණු 150කට වැඩියෙන් රැස් කළේ වසර 15කට පසුව වීම විශේෂත්වයක්ය.