ශූරයින්ගේ කුසලානය - ඉන්දියාව අවසන් මහ තරගයට
March 4, 2025 10:14 pm
5 වැනි වරටත් ශූරයින්ගේ කුසලානයක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන්නට ඉන්දීය කණ්ඩායම අද (04) සමත් විය.
ඒ, ඩුබායි හි පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමිනි.
ඩුබායි පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.
ඒ අනුව ඔස්ට්‍රේලියාව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 264කි.
නායක ස්ටිව් ස්මිත් ලකුණු 73ක් සහ ඇලෙක්ස් කේරි ලකුණු 61ක් රැස් කරමින් ඔස්ට්‍රේලියා ඉනිම සවිමත් කළේය.
පන්දුයැවීමේදී මොහොමඩ් ෂාමි කඩුලු 3ක් දවාගත් අතර වරුන් චක්‍රවර්ති සහ රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක බැගින් බිඳ දැමීය.
ලකුණු 265ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 1ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කයක පසුකර යමින් මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ඉන්දීය කණ්ඩායමේ ජය මාවත විවර කළ විරාත් කෝලි ලකුණු 84ක් රැස් කළා.
ඉන්දීය කණ්ඩායමක් ශූරයින්ගේ කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ පස්වැනි වරටය.