E8 වීසා සඳහා මින් ඉදිරියට අතරමැදි මුදල් ගනුදෙනු නෑ - නියෝජ්‍ය ඇමති

E8 වීසා සඳහා මින් ඉදිරියට අතරමැදි මුදල් ගනුදෙනු නෑ - නියෝජ්‍ය ඇමති

March 4, 2025   09:18 pm

කොරියන් E8 වීසා සඳහා කැබිනට් අනුමැතිය හිමි ව ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පළමුවරට අද (04) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පැවැත්වූ විශේෂ මහජන දිනයේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

මීට පෙර කොරියන් E8 වීසා සම්බන්ධ ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරෙන කටකතා වලට සම්බන්ධ අතරමැදි මුදල් ගනුදෙනු මින් ඉදිරියට සිදු නොවන බවත් ඉතාම සාධාරණ මුදලකට හා කෙටිකාලයකින් E8 පලමු කණ්ඩායම රජයේ මැදිහත්වීමෙන් එරටට යැවීමට කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා  ප්‍රකාශ කළේය.

මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මහජනතාවට පැන නැගුණු ගැටලු වලට සෘජුව සම්බන්ධ වෙමින් විසඳුම් සොයන බවයි. 

එමෙන්ම ක්ෂෙත්‍රයේ උන්නතිය උදෙසා ආයතනය ගොඩනැගීමට වග වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.