ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වෙනසක්
March 4, 2025 07:56 pm
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පත් කර තිබේ.
ඒ අනුව වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ලබන 07 වනදා සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා කටයුතු කරනු ඇති.
මිට පෙර එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් එච්.එම්.යු.හේරත් මහතාගේ සේවා කාලය එළඹෙන 07 වනදා අවසන් වීමට නියමිතය.