යතුරුපැදියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී ගිනිගනී

යතුරුපැදියක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී ගිනිගනී

February 24, 2025   10:48 am

වවුනියාව, පූන්තෝට්ටම් ප්‍රදේශයේදී මෝටර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පසුව යතුරුපැදිය සහ මෝටර් රථ සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී ඇත.

පොලීසිය පැවසූවේ යතුරුපැදිය හා මෝටර් රථයේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන ඇති බවය.

අනතුරින් යතුරුපැදිකරුට සුළු තුවාල සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.