මහවැලි සී කලාපයේ වැව් 10කට මාළු පැටවුන් ලක්ෂ 15ක් මුදා හැරෙයි

මහවැලි සී කලාපයේ වැව් 10කට මාළු පැටවුන් ලක්ෂ 15ක් මුදා හැරෙයි

February 23, 2025   11:30 am

මහවැලි ජනපද අඩු ආදායම්ලාභී දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය ඉහළ නැංවීම සඳහා මාළු පැටවු ලක්ෂ පහළොවක් මහවැලි සී කලාපයේ වැව් දහයක් සඳහා මුදාහැරීමට පියවර ගෙන තිබේ. 

මහවැලි සී කලාපය ආශ්‍රිත ආදී වාසී ජනයා ජීවත්වන හෙනා නිගල ප්‍රදේශයේ හෙනා නිගල වැව මෙන්ම රත්කිඳ, අළුයටවල, වැව, බෙලන්ගස් වැව, පරගස්වැව, උල්පත් වැව, වීරලන්ද වැව, මල්දෙණිය වැව සහ කාසන් වැව යන වැව්වලට මෙම මාළු පැටව් මුදා හැර තිබේ. 

මෙම මාළු පැටව් මුදා හැරීම මගින් එම වැව් ආශ්‍රිත ධීවර කටයුතු කෙරෙන ධීවර ජනතාවගේ ආර්ථිකය නංවාලීමද මෙහි එක් අරමුණක් වේ. 

මෙම වැව් ආශ්‍රිත ධීවර කටයුතුවල නියැලෙන පිරිස 687 ක් වන අතර ඉන් යැපෙන සංඛ්‍යාව 3500ක් පමණ වේ.

මෙම මාළු පැටව් මුදා හැරීමේ ව්‍යාපෘතිය සඳහා මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම් ආර්.හේරත් මහතා සහ මහවැලි කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු මහවැලි නිලධාරීන් පිරිසක් සහභාගි වී තිබේ.