ලොව පුරා වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් ලක්ෂ 04ක්
February 15, 2025 02:02 pm
ජාත්‍යන්තර ළමා පිළිකා පිළිකා දිනය අදට (15) යෙදී තිබේ.
ඒ අනුව ජාත්‍යන්තර ළමා පිළිකා දිනය සෑම වසරකම අද දිනයේදී ලොව පුරා සමරනු ලැබේ.
මෙම දිනය සැමරීමේ පරමාර්ථය වන්නේ ළමා පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ පිළිකාවෙන් පීඩා විඳින දරුවන්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ඔවුන්ට සෞඛ්‍ය හා සෞඛ්‍ය නොවන සේවා සපයන්නන් සඳහා සහයෝගය ප්‍රකාශ කිරීමයි.
උපතේ සිට වයස අවුරුදු 19 දක්වා වන ළදරුවන්, ළමුන් සහ නව යොවුන් වියේ දරුවන් අතර හඳුනා ගන්නා පිළිකා ළමා පිළිකා ලෙස හඳුන්වනු ලැබේ.
එය ලොව පුරා වාර්තා වන ළමා රෝග හා මරණවලට එය සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර රෝගීන් වාර්ෂිකව වැඩි වීමේ ප්‍රවණතාවක් වාර්තා වේ.
ලොවපුරා වාර්ෂිකව ළමා පිළිකා ලක්ෂ 4ක් පමණ අලුතෙන් හඳුනාගනු ලබයි.
ජාතික පිළිකා ලේඛනයට අනුව 2021 වර්ෂය තුළදී ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන් 1032 ක් වාර්තා වී ඇත. ඒ අතුරින් පිරිමි ළමුන් 578 සහ ගැහැණු ළමුන් 454 ක් පිළිකා රෝගීන් ලෙස හඳුනා ගෙන තිබේ.
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිත දත්ත අනුව 2019 වසරේ දී ළමා පිළිකා හේතුවෙන් මියගිය මුළු රෝගීන් සංඛ්‍යාව 224 ක් ලෙස වාර්තා වී තිබේ.
ලියුකේමියා (ලේ පිළිකා), ලිම්පෝමා (වසා ග්‍රන්ථි ආශ්රිත පිළිකා), මොළයේ පිළිකා සහ අස්ථි ආශ්රිත පිළිකා ළමුන් අතර බහුලව වාර්තාවන පිළිකා වර්ග ලෙස හඳුනාගෙන තිබේ.
ළමා පිළිකා හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවී ඇත්තේ ලියුකේමියාව සහ මොළයේ පිළිකා හේතුවෙනි.
මෙවර ළමා පිළිකා දිනයේ තේමාව වන්නේ “උද්යෝගිමත්ව ක්‍රියාත්මක වෙමු " යන්නයි
ළමා පිළිකා සත්කාර සඳහා වන අභියෝග ජය ගැනීම සඳහා සහයෝගී උත්සාහයන් සහ මුලපිරිම් දිරිමත් කිරීම මේ තුළින් අදහස් වේ.
ළමා පිළිකා බහුලව දැකිය නොහැකි අතර, බොහෝ ළමා පිළිකා, මුල් රෝග ලක්ෂණ ඇතිවන අවස්ථාවේදී හඳුනා ගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ හැකියාව ලැබේ.
ඔවුන්ගේ මූලික රෝග විනිශ්චයෙන් පසුව අවුරුදු 5ක් දක්වා ජීවත් වීමේ හැකියාව, ඉහළ ආදායම් ලබන රටවල 80% ට වඩා වැඩි වන අතර අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල 10-50% දක්වා පරාසයක පවතී.
මෙම අසමානතාවයට හේතු වශයෙන් රෝග විනිශ්චය ප්‍රමාද වීම, නිවැරදි රෝග විනිශ්චය ලබා ගැනීමට නොහැකි වීම, ප්‍රතිකාර ලබා ගැනීමට ඇති නොහැකියාව, ප්‍රතිකාර අත්හැරීම, සහ අතුරු ආබාධ නිසා මරණයට පත් වීම සැලකිය හැකිය.
ළමා පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීම රෝගියාගේ පවුලේ සහ සෞඛ්‍ය සේවා කණ්ඩායම් අතර සහයෝගීතාවයෙන් සමන්විත සංකීර්ණ හා අභියෝගාත්මක ක්‍රියාවලියකි.
ඔවුන් සඳහා සේවා සැපයීමේ දී මුහුණ පෑමට සිදුවන අභියෝග හඳුනා ගැනීම සඳහා රෝග නිවාරණ සහ රෝග ප්රතිකාරක යන අංශ දෙකෙහිම සෞඛ්‍ය සේවා කණ්ඩායම් නිරන්තර අධීක්ෂණ සහ ඇගයීම් සිදු කරයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහන සහ මහරගම අපේක්ෂා රෝහල රට තුළ ක්‍රියාත්මක වන පිළිකා සත්කාරක සේවා පිළිබඳ නිරන්තර අධීක්ෂණ කටයුතු සිදුකරයි.
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය වාර්ෂිකව සමරනු ලබන අතර එදිනට සමගාමීව ළමා පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ ලොව පුරා පිළිකාව සමඟ සටන් කරන දරුවන් සඳහා ප්‍රශස්ථ ප්‍රතිකාර, රැකවරණය සහ සහයෝගය සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සඳහා පෙනී සිටියි.
2024 සිට 2026 දක්වා වූ තුන් අවුරුදු සැලැස්ම නිර්මාණය කර ඇත්තේ ඉහත අරමුණු ළගා කරගැනීම සඳහා වන අභියෝග ජය ගැනීමට සහ පියවරෙන් පියවර, දිගු කාලීන උත්සාහයන් තුළින් ළමා පිළිකා සත්කාර වැඩිදියුණු කිරීමේ කිරීමය.
තුන් අවුරුදු සැලැස්මේ පළමු වසර (2024) ළමා පිළිකා රෝගීන් මුහුණ දෙන විවිධ අභියෝග සහ අසමානතා හෙළිදරව් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
එහිදී හඳුනාගත් අභියෝගවලට මුහුණ දීම සඳහා විවිධ කලාපවල මතු වූ සහයෝගිතා ප්රයත්නයන් සහ නව්‍ය මුලපිරීම් කෙරෙහි මෙම වසරේ අවධානය යොමු වේ.
ජාත්‍යන්තර ළමා පිළිකා දිනයේදී නැවත නැවතත් සිහිපත් කරනුයේ ළමා පිළිකා රෝග කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර කිරීමෙන් සුවකර ගත හැකි බවය.
එබැවින් සෞඛ්‍ය අංශ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනුයේ ළමා පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් රැක බලා ගැනීමට හා ඔවුන්ට වඩා හොඳ ජීවන තත්ත්වයක් සහතික කිරීම සඳහා අත්වැල් බැඳ ගන්නා ලෙසය.