සයුරෙන් එතෙර
පාකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස වැඩිවෙයි
February 15, 2025 12:22 pm
පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන්හි ඊයේ (14) සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පතල්කරුවන් පිරිසක් රැගෙන යමින් සිටි රථයක් ඉලක්ක කර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.
බලුකිස්තානයෙන් නිරන්තරයෙන් මෙවැනි ප්‍රහාර පිළිබදව වාර්තා වන අතර, එම ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ එම කලාපයේ වඩාත් සක්‍රීය බලුකිස්තාන විමුක්ති හමුදාවටය.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැත.