උමා ඔයෙන් අසරණ වූවන්ට සහන දෙන්න කැබිනට් අනු කමිටුවක්
February 9, 2025 10:23 am
උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පුළුල්ව සොයා බලා රජයට නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
මීට අමතරව එම යෝජනාව පෙබරවාරි අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය යොමු කිරීමටත් තීරණය ඛල බව ද අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ පසුගිය 07 වැනිදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
එහිදී උමා ඔය ව්‍යාපෘතියට ඉඩ කඩම් සහ දේපළ පවරා ගත් පිරිසගෙන් තවමත් සහන නොදු පිරිසට සහන ලබා දීම, ව්‍යාපෘතිය ඉදිකිරීමේදි සිදුවූ ගිලා බැසීම්, පුපුරා යාම් නිසා හානි සිදුවූ නිවාස සඳහා වන්දි ලබා දීම, වගා වන්දි නොලැබුනු පිරිසට වගා වන්දි ලබා දීම, ජල ව්‍යාපෘති මගින් පානීය ජලය අහිමි වූ අයට පිරිසිදු ජලය ලබා දීම, කුලී නිවැසියන්ට ලබා නොදුන් කුලී මුදල් ලබා දීම, පූර්ණ නිවාස හානි වූ අයට වන්දි ලබා දීම, පාරිසරික හානි සඳහා විදිමත් අධ්‍යනයකින් පසු පිළියම් යෙදීම, උමා ඔය පහළ නිම්නයේ ජනතාවට වාරි ජලය හා විදුලිය නිපදවීම සඳහා තල්පිටිගල ජලාශය ඉදි කිරීම මෙන්ම සමස්ත උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා නීති විරෝධී කාර්යය්න් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීම ආදි කරුණු පිලිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ සිදුවන සෝදා පාළුව, පාංශු ඛාදනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීම යන කාරණා පුළුල්ව සාකච්ඡා කළ බවත් ඒ අනුව මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රජය වෙත නිර්දේශ ලබා දීමට කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට සුදුසු බවට අමාත්‍ය ලාල් කාන්ත මහතා කළ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.