ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය නම් කෙරේ

February 9, 2025   10:08 pm

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ආරම්භවීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් එක්දින තරගාවලිය සඳහා තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට පත් කළේය.

මෙම සංචිතයට යොවුන් පාදඟ පන්දු යවන්නෙකු වන තන්වීර් සංගා කැඳවා ඇත.

කෙසේ නමුත් බිරිඳගේ දෙවන දරු උපත වෙනුවෙන් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වූ නිත්‍ය නායක පැට් කමින්ස් මෙම තරගාවලියට නම්කර නොමැත..

ඉන්දියාවට එරෙහිව පසුගියදා අවසන් වූ බෝඩර්-ගවස්කර් කුසලානයේදී කොන්දේ ආබාධයකට ලක් වූ වේගපන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ් ද ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවත්කර ඇත.

ඔහුට තවත් දින කිහිපයකින් පාකිස්තානයේදී ආරම්භවන චැම්පියන්ස් කුසලාන තරගාවලියට අහිමිවනු ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව මේ දක්වා කණ්ඩායම් නායකයා ප්‍රකාශයට පත්කර නොමැත. 

ස්ටීව් ස්මිත් හෝ ට්‍රැවිස් හෙඩ් දෙදෙනාගෙන් එක් අයෙකු නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ඔවුන් මේ වනවිට සලකාබලමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වයට පත්කරන්නා බොහෝ දුරට චැම්පියන්ස් කුසලානයේදී ඔස්ට්‍රේලියානු නායකයාවනු ඇති බව සඳහන්.

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය

ට්‍රැවිස් හෙඩ්, මැට් ෂෝර්ට්, ස්ටීව් ස්මිත්, මාර්නස් ලැබුෂේන්, ජොෂ් ඉන්ග්ලිස්, ඇලෙක්ස් කේරි, ආරොන් හාඩි, ග්ලෙන් මැක්ස්වෙල්, කූපර් කොනොලි, ෂෝන් ඇබට්, බෙන් වාර්ෂුයිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, මිචෙල් ස්ටාර්ක්, නේතන් එලිස්, ස්පෙන්සර් ජොන්සන්, තන්වීර් සංගා