රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

රට විරුවන්ගෙන් වාර්තාගත ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට

February 9, 2025   09:54 am

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයකි.

මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී තිබුණි.

මෙය 2023 වසරේ ලද ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් බිලියන 5.96ට වඩා 10.1% ක ඉහළ යාමක් වේ.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම හැරුණුකොට දෙවැනියට වැඩිම විදෙස් විනිමයක් ශ්‍රී ලංකාවට ලැබෙන මාර්ගය වන්නේ මෙම විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන ප්‍රේෂණයි.