දියේ ගිලී ජීවිත දෙකක් අහිමි වෙයි

දියේ ගිලී ජීවිත දෙකක් අහිමි වෙයි

February 9, 2025   09:19 am

කහවත්ත සහ මුන්දලම යන ප්‍රදේශවලදී දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ කහවත්ත, වෙළෙගෙපොළ ප්‍රදේශයේ පිහිටි ගල්පීල්ල අමුණ ස්ථානයේ වේල්ලට වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ 45 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය.

අදාළ පුද්ගලයා මත්පැන් පානය කර නිවසට යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර මුන්දලම, කරුංගල්චෝල වැවෙහි ගිලී පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි මුන්දලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන්.

මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර කාන්තන්කුඩි, පයිල්වාන් ප්‍රදේශයේ වෙරළ තීරයේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන්ය.