නීතිවිරෝධීව ගෙන්වු විදෙස් දුම්වැටි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ගෙන්වු විදෙස් දුම්වැටි සමග දෙදෙනෙක් අත්අඩංගුවට

February 8, 2025   04:36 pm

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (07) උදෑසන කාලයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාවතගම පොලිස් වසමේ පරගහදෙණිය හංදිය අසලදී සිදුකරන ලද වැටලීමකදි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔවුන් විසින් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 3800ක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 59ක් සහ 30ක් වූ එම පරගහදෙණිය සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධව මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.