සයුරෙන් එතෙර
කැනඩාව සහ මෙක්සිකෝවට බදු පැනවීමේ තීරණය ට්‍රම්ප් ආපසු හරවයි
February 4, 2025 09:51 am
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝව සහ කැනඩාව වෙත පනවා තිබූ අධික තීරුබදු දින 30 කාලයක් සඳහා අත්හිටුවා තිබේ.
ඒ අමෙරිකානු ජනාධිපතිවරයා සහ මෙක්සිකානු සහ කැනඩාවේ ජනාධිපතිවරුන් සමග කළ සාකච්ඡාවකින් අනතුරුවය.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ දේශසීමා ආරක්ෂාව වැඩි දියුණු කිරීම මෙන්ම නීති විරෝධී සංක්‍රමණයට එරෙහිව සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට පියවර ගැනීමට අදාළ රටවල් එකඟවීමෙන් පසුව අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවය.
එමෙන්ම දේශසීමා ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් දහස් ගණන් යොමු කිරීමට ද මෙහිදී අවධානය යොමුව ඇති බවත් එම වාර්තා සඳහන් කර තිබේ.
යෝජිත තීරුබදු මගින් මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ආනයනය කරන සියලුම ආනයන සඳහා 25%ක බද්දක් සහ චීන භාණ්ඩ සඳහා 10%ක බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා තීරණය කර තිබුණි.
මීට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ආනයන මත වහාම 25%ක බදු පැනවීමට මෙක්සිකෝව සහ කැනඩාව තීරණය කර තිබුණි.
ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 155ක අමෙරිකානු ආනයන මත බදු පැනවීමට කැනඩාව සූදානම් වී තිබුණි.
ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමග චීනය පවසා ඇත්තේ මෙම තීරණයට අවශ්‍ය ප්‍රති පියවර ගන්නා බවත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය ලෝක වෙළෙඳ සංවිධානයේ නීති අමෙරිකානු ජනාධිපතිවරයා උල්ලංඝනය කර ඇති බවය.