සයුරෙන් එතෙර
අමෙරිකාව සහ තායිවානය DeepSeek ගැන බියෙන්
February 1, 2025 01:39 pm
අමෙරිකානු AI වෙළඳපොළේ රැල්ලක් ඇති කරමින් තිබෙන චීන චැට්බෝට් යෙදවුමක් වන DeepSeek භාවිත කිරීමට එරෙහිව පියවර ගැනීමට අමෙරිකාව පෙළඹෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, එරට කොංග්‍රස් කාර්යාලයට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති පසුබිමක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
AI තාක්‍ෂණයේ සීඝ්‍ර පරිණාමය නිසා සැලකිය යුතු ආරක්ෂක සහ පරිපාලන අභියෝග එල්ලවී ඇති බව වාර්තා වෙයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට කොංග්‍රස් ප්‍රධාන පරිපාලන නිලධාරියා ප්‍රකාශ කර ඇත්තේ DeepSeek දැනට සමාලෝචනය වෙමින් පවතින අතර නිල කාර්යාල තුළ ඒවා භාවිතය සඳහා මෙතෙක් අවසර ලබාදී නොමැති බවය.
මේ අතර තායිවානයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ද නිවේදනය කර ඇත්තේ චීනයෙන් අලුතින් දියත් කරන ලද කෘත්‍රිම බුද්ධි ආකෘතියක් වන DeepSeek, චීන රජය වෙත සංවේදී දත්ත හෙළිදරව් කළ හැකිය යන කනස්සල්ල හේතුවෙන් රජයේ සේවකයින්ට එය භාවිත කිරීම තහනම් බවය.