අමෙරිකාවේ ළැව්ගිනි පාලනය වෙමින් පවතිද්දී තවත් ළැව් ගින්නක්
සයුරෙන් එතෙර

අමෙරිකාවේ ළැව්ගිනි පාලනය වෙමින් පවතිද්දී තවත් ළැව් ගින්නක්

January 14, 2025   10:24 pm

පුද්ගලයින් 24 දෙනෙකුට දිවි අහිමි කළ ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ ප්‍රබලතම ළැව්ගිනි ලෙස සැලකෙන පැලිසේඩ් සහ ඊටන් ළැව්ගිනි යම්තාක් දුරකට පාලනය කිරීමට මේ වනවිට එරට ගිනි නිවන අංශ සමත්ව තිබේ.

කෙසේ වුවත්, ඉදිරියේදී බලපැවැත්වෙන බවට අනුමාන කෙරෙන පැයට කිලෝ මීටර් 70 ඉක්මවූ වේගවත් සුළං ධාරා හේතුවෙන් ළැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂිතයි.

මේ අතර අමෙරිකානු පවර්බෝල් ලොතරැයියෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2ක් දිනාගත් පුද්ගලයෙක් එම මුදලින් මිලදීගත් මන්දිරයක් ද පැලිසේඩ් ළැව්ගින්නෙන් වැනසී තිබේ.

ඔහුට අයත් තවත් සුඛෝපභෝගී නිවාස දෙකක් ළැව්ගිනිවලින් අනතුරු ඇඟවීම් ඇති කලාපවල පිහිටා තිබීම විශේෂත්වයක්.

මේ අතර ලොස් ඇන්ජලීස් ආසන්න වෙන්චුරා නගරාසන්නයේ අක්කර 5ක පමණ භූමියක් වනසමින් කුඩා ප්‍රමාණයේ ළැව්ගින්නක් ආරම්භ වී තිබුණා.