නාවික හමුදා පුහුණුවට එක්වූ කුමරිය
January 15, 2025 10:33 am
ස්පාඤ්ඤයේ ලියොනොර් කුමරිය වසර තුනක හමුදා පුහුණුවක් ආරම්භ කළේ රාජකීය සම්ප්රදාය අනුව යමින්.
ඒ අනුව වසරක යුද හමුදා පුහුණුව අවසන් කළ කුමරිය පසුගිය දා නාවික හමුදා පුහුණුව ආරම්භ කළේය.
ස්පාඤ්ඤ සම්ප්රදාය අනුව එරට රජ කිරුළට උරුමකම් කියන සියලුම රාජකීයයන් හමුදා පුහුණුව ලැබීම අනිවාර්ය වේ.
ඒ අනුව ස්පාඤ්ඤ රජ කිරුළට හිමිකම් කියන ලියොනොර් කුමරිය සිය හමුදා පුහුණුව ආරම්භ කළේ මීට වසරකට පමණ පෙරාතුවය.
ඒ ස්පාඤ්ඤයේ සරගෝසා හි යුද හමුදා ඇකඩමියේ දී ය.
එහි දෙවන අදියර ලෙස ලියොනොර් කුමරිය පසුගියදා සිය නාවික හමුදා පුහුණුව ආරම්භ කළේය.
ලියොනොර් කුමරිය නාවික පුහුණු ලබන්නේ ජුආන් සෙබැස්තියන් ද එල්කානෝ නෞකාවේ දී යි.
එය අඩ සියවසක් පමණ පැරණි නෞකාවක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මීටර 113ක් දිගැති නෞකාව පසුගිය දා අමෙරිකාව බලා ගමන් ආරම්භ කළේය.
නාවික හමුදා පුහුණුවෙන් පසුව ලියොනොර් කුමරියගේ ගුවන් හමුදා පුහුණුව ආරම්භ වීමට නියමිතව පවතී.
ඒ එරට ගුවන් හමුදා ඇකඩමියේ දී යි.
ගුවන් හමුදා පුහුණුව අවසන් වීමෙන් පසුව ඇයගේ වසර තුනක හමුදා පුහුණුව අවසන් වන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.