උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක්
January 12, 2025 10:23 am
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර නායයාමක් සිදුව තිබේ.
මේ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
ප්රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්යංශය පැවසුවේ මේ වනවිට දුම්රිය කාර්ය මණ්ඩල යොදවා අදාළ ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සිදුකරන බවය.
ඒ අනුව හැකි ඉක්මනින් දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්යංශය පවසයි.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළම කොටුව බලා ධාවනය වීමට නියමිත දුම්රිය අදාළ දුම්රිය මාර්ග යතා තත්ත්වයට පත් වන තෙක් ප්රමාද කිරීමට සිදුව තිබේ.