විශිෂ්ටත්වයේ 20 වැනි වසරට පා තබන TV දෙරණ

විශිෂ්ටත්වයේ 20 වැනි වසරට පා තබන TV දෙරණ

January 1, 2025   10:04 pm

අලුත් බලාපොරොත්තු සමග උදා වුණු 2025 නව වසර රටම ආදරෙන් පිළිගනිද්දි, මේ අවුරුද්ද දෙරණ අපිටත් වැදගත් වසරකි.

මෙරට ප්‍රේක්ෂකයා රූපවාහිනී මාධ්‍යයේ එක් රාමුවකට කොටුවී සිටි කාලයක, වෙනසක පෙරළියක් ඇති කරමින් බිහිවුණු අපේ "දෙරණ" ,  සිය අති සාර්ථක ගමනේ විසි වැනි වසරට අද (01) පා තැබීය.

රූප මාධ්‍ය කලාවේ පෙළහර පාන අතරේ හුදෙක් රූපවාහිනී නාලිකාවක් පමණක් නොවෙමින්, ජනතාවට අවැසිම මොහොතේ ඔවුන් අතර රැඳෙමින් දෙරණ ආ සහෘද ගමන් මඟ ඉදිරියටත් ඔබ හා එක්වී යන්නට අප සූදානමින් සිටියි.

මෙරට රූපවාහිනී මාධ්‍යයට නවමු සංකල්ප අවැසිව සිටි යුගයක අපේ උරුමය රැගත් නවමු රූපවාහිනී නාලිකාවක් ලෙස දෙරණ සම්ප්‍රාප්තිය සිදු වූයේ 2005 වර්ෂයේ ඔක්තෝබර් 11 වනදාය.

ඒ 'අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන' යන්න තේමාව කරගනිමිනි.

දෙරණ අද වන විට ප්‍රේක්ෂක විශ්වාසයේ කිරුළ දරමින් ටෙලිනාට්‍ය, විනෝදාත්මක වැඩසටහන්, ප්‍රවෘත්ති, කාලීන හා දේශපාලන වැඩසටහන් මෙන්ම මෙරට රියැලිටි ටෙලිවිෂන් කලාවද අතික්‍රමණය කර අවසන්ය.

ශ්‍රී ලාංකේය ළමා පරපුරේ කුසලතා ජාතික මට්ටමට ගෙනඒම සඳහා ' දෙරණ ලිට්ල් ස්ටාර්' හඳුන්වා දුනී.

ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට රූ රැජින තරගයක් සජීවීව විකාශය කරමින් 2006 වසරේදී  Miss Sri lanka for miss univers තරගාවලිය ගෙන ආ TV දෙරණ ඉන් නොනැවතී 'දෙරණ ඩ්‍රීම් ස්ටාර්' ,Derana city of dance', Derana 60 plus', Derana film awards, Ada derana Sri lankan of the year ඇතුළු වැඩසටහන් රැසක්ම ගෙන එන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙනි.

ප්‍රාසංගික ටෙලිවිෂන් කලාවේ ප්‍රමුඛයා ලෙසින් අතිශය ජනාදරයට පත් TV දෙරණ, සිදූ, අත්තම්මා, දෙවැනි ඉනිම, සංගීතේ, ඉස්කෝලේ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ මෙරට ටෙලිනාට්‍ය කලාවේ නව පෙරළියක් ඇති කළේ මෙරට මුල්බැස ගත් විදේශීය ටෙලිනාට්‍ය කලාවට එහා ගිය රසාස්වාදයක් මෙරට ප්‍රේක්ෂකයාට තිළිණ කරමිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති ප්‍රමුඛයා ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය යළි යළිත් තහවුරු කරන 'අද දෙරණ' දකුණු ආසියාවේ විශාලතම හා නවීනතම තාක්ෂණයෙන් යුත් ප්‍රවෘත්ති මැදිරියේ සිට ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ මෙරට රූපවාහිනි කලාවේ පෙරමං ලකුණු කරමිනි.

මෙරට වැඩිම පිරිසක් නැරඹූ අද දෙරණ ජනාධිපතිවරණ හා මහ මැතිවරණ ප්‍රතිඵල විකාශයන් ඊට සාක්ෂි සපයයි.

දෙරණ, තම මාධ්‍ය මෙහෙවර ඉදිරියට ගෙනයමින් මනුසත් දෙරණ හා ලිට්ල් හාට්ස් වැනි විශේෂ සමාජ සේවා ව්‍යාපෘති රැසකට සම්බන්ධ වූයේ රටට අවැසිම තැනදි සිය යුතුකම නොපිරිහෙලා ඉටු කරමිනි.

වකුගඩු රෝගීන් හඳුනාගැනීම වෙනුවෙන් ඇරඹි මනුසත් දෙරණ, මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට මූලිකත්වය ගැනීම, හදවත් රෝගී පුංචි දරුවන් වෙනුවෙන් ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම, රුධිර  ජනක සෛල පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහන, පැළ මිලියන 10ක් සිටුවීම, ලස්සන දෙරණ ආදී විශේෂ ව්‍යාපෘති හරහාද සුවිශේෂී මෙහෙයක් සිදුකරයි.

ඒ අනුව මනුසත් දෙරණ ජාතික ආපදා අවස්ථාවන් හිදී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූවා සේම මතු දෙරණ ව්‍යාපෘතියද ක්‍රියාවට නංවා ඇත්තේ ජාතික තලයේ දක්ෂතා සපිරි ක්‍රීඩික ක්‍රීඩිකාවන් රැසක් හඳුනාගනිමින් ඔවුන්ව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සවියක් වීම සඳහාය.

විශිෂ්ටත්වයේ සහ විශ්වසනීයත්වයේ විසිවැනි වසරට පා තබන, විචිත්‍ර වින්දනීය ටෙලිවිෂන් චාරිකාවක සුවිශේෂි මං සලකුණු අතර අංක එකේ නාලිකාව සහ ජනතාවගේ විශ්වසනීයම නාලිකව ලෙස TV දෙරණත් අද දෙරණත් මේ වනවිට ජනතා සම්මානයට පාත්‍ර වී අවසන්ය.

ඒ අනුව අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ප්‍රේක්ෂකයින් අතරට යමින් ඔවුන්ගේ දැනුම ආකල්ප හා රසවින්දනය වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටුකළ TV දෙරණ ස්ලිම් ජනතා සම්මාන උළලේ දී අඛණ්ඩව හත්වන වරටත් ජනතාවගේ රූපවාහිනී නාලිකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙලෙස ප්‍රේක්ෂක ඔබේ ආදරය හා විශ්වාසය දිනාගනිමින් 2025 වසරට විසි වසක් සපුරන ' විසි වසරක ප්‍රාසංගිකත්ව ප්‍රමුඛයා දෙරණ' තවත් සියවසකටත් එහා ඔබව රසවින්දනයෙන් අබිසෙස් ගන්වන්නට සූදානම්.