ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වෙයි

December 31, 2024   07:02 am

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව අද පෙරවරු 11ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

නව පාර්ලිමේන්තුව පත්වීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.

මෙහිදී ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබී ඇති යෝජනා සම්බන්ධයෙන් සලකා බැලීමට නියමිතය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ පත්වීමට ද මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිව නොමැති අතර ඒ සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව සඳහන්ය.