මාර්ග අනතුරු වළක්වා ගන්නැයි ඉල්ලීමක්

මාර්ග අනතුරු වළක්වා ගන්නැයි ඉල්ලීමක්

December 25, 2024   08:32 am

උත්සව සමය තුළදී සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීමට පියවර ගතයුතු බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසයි.

ඔහු පවසන්නේ අධික වේගය නිසා සහ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම ආදී කරුණු හේතුවෙන් සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

මාර්ග අනතුරු වළක්වා ගතහැකි තත්ත්වයක් බවත්, එනිසා ආක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන් වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පවසා සිටියේ යතුරුපැදිවල ගමන්කරන්නන් හෙල්මට් පැළඳීම අනිවාර්ය කරගත යුතු බවයි.

එමෙන්ම වාහනවල ගමන් කරන්නන්ගෙන් ආසන පටි පළදින්නේ ඉදිරිපස අසුනේ යන පුද්ගලයන් පමණක් බවත් හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ නමුත් යම් අනතුරක් සිදු වූ විට එලෙස ආසන පටි නොපළදින පිටුපස අසුනේ යන අයගේ අනතුරුවල බරපතළකම ඉතා ඉහළ බව ඔහු පවසයි.