ජා-ඇළ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක්
December 24, 2024 09:21 pm
ඩුබායි හිදී සැඟවී සිටින අපරාධකරුවකු වන බටුවත්තේ චාමර නමැත්තාගේ බිරිඳට අයත් ජා-ඇළ ප්රදේශයේ නිවසකට යළිත් වරක් නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා තිබේ.
දින 9ක් තුළදී අදාළ නිවසට වෙඩි තැබූ දෙවැනි අවස්ථාව මෙය වෙයි.
අද අලුයම 1.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ජා-ඇළ ශාන්ත ආනා ප්රදේශයේ නිවසකට T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර තිබුණි.
වෙඩිතැබීම සිදුකරන ආකාරය සීසීටීවී කැමරාවක ද සටහන්වී ඇත.
අදාළ නිවස ඉලක්ක කර වෙඩි ප්රහාර 30ක් පමණ එල්ලකර ඇති අතර ඉන් අසල වූ නිවාස දෙකකට ද හානි සිදුවී තිබේ.
වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ නිවස මේ වනවිට ඩුබායි හිදී සැඟව සිටින අපරාධකරුවකු වන බටුවත්තේ චාමර නමැත්තාගේ බිරියට අයත් බව පොලීසිය පැවසීය.
වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ නිවැසියන් කිසිවකුත් එහි සිට නැතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම නිවසට පසුගිය 15වනදා ද නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.
පොලීසිය සැක කරන්නේ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොණ්ඩ රංජි නමැත්තා හා බටුවත්තේ චාමර අතර පවතින ආරවුලක් මෙම වෙඩිතැබීම්වලට හේතුවී ඇති බවය.
එවන් පසුබිමක කඳානේ පිහිටි කොණ්ඩ රංජි නමැත්තාගේ නිවසටද පසුගිය 13 වනදා මෙවැනිම වෙඩිතැබීමක් සිදුකර තිබුණි.
ඒ අනුව එම වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත්දෙනෙකු කඳාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අනාවරණ කර තිබුණේ බටුවත්තේ චාමර නමැත්තාගේ උපදෙස් මත වෙඩිතැබීම සිදුකළ බවය.