හෙට සිට විශේෂ රථවාහන මෙහෙයුමක් - මේ අංකවලට දැනුම්දෙන්න
December 22, 2024 05:59 pm
හෙට (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම රථවාහන මෙහෙයුම සිදු කිරීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව හෙට දින සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර, එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකරනු ලබයි.
එමෙන්ම බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්වේ.
එමෙන්ම මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරි යොදවා ඇත.
මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට තොරතුරු ලබා දීමට මහජනතාවට හැකියාව පවතී.
ඊට අමතරව අදාළ ප්‍රදේශය අයත් පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරියාගේ ජංගම දුරකථන අංකය වෙත හෝ පහත සඳහන් අනෙකුත් රථවාහන කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකථන අංක වෙත ද තොරකුරු ලබා දීම සිදුකළ හැකිය.
එමෙන්ම මාර්ග නීති රීති උල්ලංඝන කිරීම් හෝ අනෙකුත් වැරදි සම්බන්ධයෙන් වීඩියෝ පට ඇත්නම් එම වීඩියෝ පට ද වස්ඇප් මගින් එම දුරකථන අංක වෙත යොමු කිරීමට ද හැකියාව පවතින අතර එම තොරතුරු අනුව අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පොලීස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.
අදාළ කොට්ඨාස භාර නිලධාරින්ගේ ජංගම දුරකතන අංක පහත පරිදි වේ.
කොට්ඨාස | දුරකථන අංකය |
මාතර | 0718591433 |
ගාල්ල | 0718591452 |
ඇල්පිටිය | 0718591472 |
තංගල්ල | 0718591488 |
පුත්තලම | 0718591289 |
හලාවත | 0718591304 |
කුලියාපිටිය | 0718591260 |
නිකවැරටිය | 0718591274 |
කුරුණෑගල | 0718591244 |
මහනුවර | 0718591042 |
තෙල්දෙණිය | 0718592274 |
මාතලේ | 0718591079 |
ගම්පොල | 0718591070 |
නුවරඑළිය | 0718591094 |
හැටන් | 0718591114 |
රත්නපුර | 0718591382 |
කෑගල්ල | 0718591410 |
සීතාවකපුර | 0718591423 |
ඇඹිලිපිටිය | 0718591392 |
කන්තලේ | 0718591187 |
අම්පාර | 0718591145 |
මඩකලපුව | 0718591127 |
ත්‍රිකුණාමලය | 0718591170 |
කන්කසන්තුරය | 0718591315 |
යාපනය | 0718591327 |
වව්නියාව | 0718591340 |
මන්නාරම | 0718591363 |
කිලිනොච්චිය | 0718591347 |
මුලතිව් | 0718591374 |
මොණරාගල | 0718591533 |
බණ්ඩාරවෙල | 0718591520 |
බදුල්ල | 0718591508 |
කැබිතිගොල්ලෑව | 0718592902 |
පොලොන්නරුව | 0718591230 |
අනුරාධපුර | 0718591200 |
කළුතර | 0718591688 |
පානදුර | 0718591674 |
කැලණිය | 0718591589 |
අධ්යක්ෂ කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය - 071 8591741
අධ්යක්ෂ රථවාහන මූලස්ථානය - 071 8591967
අධ්යක්ෂ බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසය - 071 8592857
අධ්යක්ෂ බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසය - 071 8592278