ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත්කරන වේලාවේ වෙනසක්
November 17, 2024 04:35 pm
10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන වේලාව සංශෝධනය කර තිබේ.
ඒ අනුව නොවැම්බර් 21 දින පෙ.ව. 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදු කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව අද (17) නිවේදනය කළේය.
එම දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණේ මෙය 21වනදා ප.ව. 3ට ජනාධිපතිවරයා විසින් සිදුකරන බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමිය.
මෙහිදී සිය ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ලබයි.
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය එළැඹෙන නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00 ට ආරම්භ කිරීමට නියමිතය.