ජනතාව අමාරුවේ වැටුණාම අපි පැනලායන්නේ නැහැ - දිලිත්

ජනතාව අමාරුවේ වැටුණාම අපි පැනලායන්නේ නැහැ - දිලිත්

November 1, 2024   01:39 pm

සැබෑ විපක්ෂයේ වගකීම් ඉටු කිරීමට එඩිතර විපක්ෂය ලෙස තම කණ්ඩායම සූදානම් බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

සර්වජන බලයේ කැලණිය ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

සර්වජන බලයේ කැලණිය ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (31)පස්වරුවේ පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස පැවැත්වුණි.

සර්වජන බලයේ නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

"ශ්‍රී ලංකාවේ යම් දේශපාලන පරිවර්ථනයක් සිදු වුණා නම් 51දී... ඒ 56යේ විප්ලවයට මගපාදපු 51කේ පරිවර්ථනය නැවත ඉපදුනා නම් ඒ පුනරුත්පත්තිය තමයි සර්වජන බලය. ඔබ වෙනුවෙන් පෙනීසිටින නායකත්වයක් ඉන්න සර්වජන බලය.... පස්ස දොරෙන් පැනලායන්නේ නැති... ඔබත් එක්කම මේ ගමනේ ඉස්සරහින් යනවා. ඒක තමයි අපේ නායකත්වය."

"අපිට ඕනේ විපක්ෂය. බස් එලවන විපක්ෂය නෙමෙයි. මේක එඩිතර විපක්ෂය. මේ එඩිතර විපක්ෂය එන්නේ විපක්ෂයේම ඉන්න නෙමෙයි. බලය ගන්නයි එන්නේ එඩිතරව. කකුලෙන් ඇදලා නෙමෙයි."