සයුරෙන් එතෙර
ස්පාඤ්ඤයේ ගංවතුරින් මියගිය ගණන 150 ඉක්මවයි
November 1, 2024 11:07 am
ස්පායේඤ්ඤ ගිනිකොනදිග ප්‍රදේශයට බලපා ඇති හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 150 ඉක්මවා ගොස් තිබේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 158 දෙනෙකු පමණ මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය අඟහරුවාදා ස්පාඤ්ඤයේ ගිනිකොනදිග ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇඳහැලී තිබුණි.
පැය 08ක් තුළ මිලිමීටර් 491ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එය එම ප්‍රදේශයට වසරක් තුළ ලැබෙන වර්ෂාපතනයට සමාන බව වාර්තා වේ.
ගංවතුරින් විපතට පත්ව සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා සහන සේවකයින් 1,200කට අධික පිරිසක් යොදවා ඇති අතර ඒ සඳහා ඩ්‍රෝන යානාද යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් දිගින් දිගටම ස්පාඤ්ඤයේ ගිනිකොනදිග ප්‍රදේශයේ පවතින මෙම වර්ෂාපතනය හේතුවෙන් ගලවා ගැනීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව වාර්තා වී තිබේ.