වැස්සෙන් බාධා වුණු තරගය යළි ඇරඹෙයි

වැස්සෙන් බාධා වුණු තරගය යළි ඇරඹෙයි

October 26, 2024   08:57 pm

Update

October 26, 2024   09:22 pm

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2:30ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණි.

වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නතර කෙරුණු අතර ඒ වන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබා සිටියේය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා දෙපිලටම පන්දුවාර 23 බැගින් ලබාදෙමින් තරගය යළි ආරම්භ කෙරුණේ රාත්‍රී 8:50ට පමණය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කළේය

තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 195කි.

----------------------------

වර්ෂාව හේතුවෙන් බාධා එල්ල වුණු ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අවසන් සහ තෙවෙනි එක්දින තරගය යළි ආරම්භ කර තිබේ.

ඒ, එක් කණ්ඩායමක් සඳහා පන්දුවාර 23 බැගින් ලබාදෙමිනි.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබා සිටියේය.