ශ්‍රී ලංකාවට 190ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට 190ක ඉලක්කයක්

October 23, 2024   07:26 pm

ලකුණු 58කට කඩුලු 8ක් දැවී ඉතා අසරණව සිටි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමට ශර්ෆෙන් රදර්ෆඩ් සහ ගුඩකේෂ් මෝතී ගේ සටන්කාමී ඉනිම් හේතුවෙන් ශක්තියක් ලැබුණි.

රදර්ෆඩ් ලකුණු 80ක් ලබාගත් අතර මෝතී ලකුණු නොදැවී ලකුණු 50ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා 9 වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 119කි.

ඔවුන් පන්දු ඕවර 36කදී සියලුදෙනා දැවී ලකුණු 189ක් රැස්කළේය.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් දවාගත් අතර මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්තේය.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමට සංචාරක කොදෙව් කණ්ඩායමට ආරාධනය කළේය.

අද දහවල් ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය පන්දු ඕවර 44කට සීමා කිරීමට තරග බලධාරීන් තීරණය කළේය.