බහුතරය ලැබුණ ගමන් සජිත් කරන වෙනස

බහුතරය ලැබුණ ගමන් සජිත් කරන වෙනස

October 23, 2024   07:44 am

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ලැබුණු වහාම ජනාධිපති සමඟ එක්ව IMF ගිවිසුම සංශෝධනය කරන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු පවසන්නේ, පසුගිය රජය ක්‍රියාත්මක කර ඇති අසාධාරණ සෘජු සහ වක්‍ර බදු අඩු කරමින් ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගන්නා බවය.

"අද මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කරපු අසාධාරණ බදු සුත්‍රය ඉක්මනින්ම වෙනස් වෙයි කියලා. තමන්ගේ ඍජු බදු සහ වක්‍ර බදු PAYE Tax වැට් එක අඩුවෙනකල් බලාගෙන ඉන්නවා. බය නැතුව පාර්ලිමේන්තුවේ බහුතරය සමගි ජන බලවේගයට ලබාදෙන්න. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සමගි ජන බලවේග පාර්ලිමේන්තුවේ බහුතරය එකට වැඩ කරලා, IMF ගිවිසුමේ තිබෙන ජනතා විරෝධී සියලුම විධිවිධාන වෙනස් කරලා, ජනතාවට බරක් පටවෙන්නේ නැති පොදු ජනතාවට උහුලා ගත හැකි ජන ජීවිතයක් නිර්මාණය කළ හැකි IMF අලුත් ගිවිසුමකට යන්න නම් ඔබගේ වරම සමගි ජන බලවේගයට ලබාදෙන්න."