කැලණි සරසවි සිසුවෙක් නේවාසිකාගාරයේ ඉහළ මහළින් වැටී මරුට

කැලණි සරසවි සිසුවෙක් නේවාසිකාගාරයේ ඉහළ මහළින් වැටී මරුට

October 23, 2024   08:58 am

කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ඉහළ මහළකින් වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිසුවා බිමට වැටීමෙන් අනතුරුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

එලෙස මියගොස් ඇත්තේ, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ, ගණකාධිකරණ අධ්‍යයන අංශයේ ඉගෙනුම ලබමින් සිටි සිව්වන වසරේ සිසුවෙකි.