එඩිතර විපක්ෂයක් ගැන කියන දිලිත්

එඩිතර විපක්ෂයක් ගැන කියන දිලිත්

October 18, 2024   08:02 pm

පාලන බලයේ සිටින ආණ්ඩුව නිවැරදි මාර්ගයක ගෙන යා හැක්කේ එඩිතර විපක්ෂයකට පමණක් බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"එඩිතර විපක්ෂයකට පමණයි පාලන බලයේ ඉන්න ආණ්ඩුව නිවැරදි මාර්ගයේ යවන්න පුළුවන්. දුබල විපක්ෂයක් ආවොත් ආණ්ඩුව කරන ඕන දේකට අත උස්සල නිකන් ඉන්නවා. 

අපට අවශ්‍යයි බලයට පත්වෙලා ඉන්න ආණ්ඩුවට අවස්ථාවක් දෙන්න. ඒක තමයි අපේ අවංක උත්සාහය. නමුත් ඔවුන් යෝජනා කරලා තියෙනවා ඔවුන්ගේ වැඩපිළිවෙළේම අපේ රටේ ඒකීයභාවයට හා අපේ ජාතිකත්වයට බලපෑම්කරන යෝජනාවලියක්. අපි කිසිසේත්ම සූදානම් නැහැ ඒ යෝජනාවලියේ තිබෙන දේවල්වලට එකඟ වෙන්න."