ඉන්දියාවෙන් චීනයට සහ පාකිස්තානයට පිළිතුරු
සයුරෙන් එතෙර

ඉන්දියාවෙන් චීනයට සහ පාකිස්තානයට පිළිතුරු

October 18, 2024   12:50 pm

කවුරුන් විසින් කුමන ප්‍රකාශ නිකුත් කළ ද කාශ්මීරය සම්බන්ධයෙන් පවතින ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ දැනට පවතින කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස පාකිස්තානය සහ චීනය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාව මෙම ප්‍රකාශය සිදු කර ඇත.

මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පාකිස්තානය සමග කිසිදු ද්විපාර්ශ්වික රැස්වීමක් නොපැවැත්වූ බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යවරයා ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව සඳහා පමණක් එක්වූ බවද එහිදී පැහැදිලි කර තිබේ.